ඉතා ඉක්මණින් මහ මැතිවරණයක් කැඳවීම අවශ්‍යතාවක් බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා.
කොළඹ නව නගර ශාලවේ ඊයේ පැවති මහජන එක්සත් පෙරමුණේ කොළඹ දිසා සමුළුව අමතමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඇතුලූ දේශපාලන නියෝජිතයන් රැසක් එම අවස්ථාවට එක්වුණා.
එහිදී අදහස් දැක්වූ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් කියා සිටියේ මහ මැතිවරණයක් ඉක්මණින් ලබා දුනහොත් රටට ආදරය කරන පිරිසක් පාර්ලිමේන්තුවට තෝරා පත් කර යැවිය හැකි බවයි.
එසේ නොමැති වුවහොත් රට බෙදීම වැළැක්වීමට හැකියාවක් නොමැති බවද උන්වහන්සේ අවධාරණය කළා.