Gossips

කඩිනම් මහ මැතිරණයක් ඉල්ලා පැවිදි හඬ සංවිධානයෙන් පෙළපාලියක්

පවතින දේශපාලන අස්ථාවරභාවය නිරාකරණය කිරීම සඳහා කඩිනම් මහ මැතිරණයක් පවත්වන ලෙස බල කරමින් හෙට දින විශේෂ රථ පෙළපාලියක් පැවැත්වීමට පැවිදි හඬ සංවිධානය කටයුතු යොදා තිබෙනවා.
ඒ අනුව හෙට දහවල් එකට අභයාරාමයෙන් ආරම්භ කෙරෙන විශේෂ රථ පෙළපාලිය සීනිගම දේවාලය දක්වා ගමන් කිරීමට නියමිතයි.
මේ පිළිබඳ සහ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ අදහස් දැක්වීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද අභයාරාම විහාරස්ථානයේදී පැවැත්වුණා.