Gossips

කඩිනම් තීන්දුවක් ගන්නැයි හිටපු ජනපති නිදහස් පක්ෂයට කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වීමට කඩිනමින් තීන්දුවක් ගත යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කලේ දෙපාර්ශවය අතර සාකච්ඡා සිදුකළ හැක්කේ ඉන් පසුව බවයි.
මේ අතර ඉදිරි මැතිවරණ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, පොහොට්ටුව ලකුණෙන් තරඟ කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
ඒ, මුස්ලිම් බැතිමතුන්ගේ ඉෆ්තාර් උත්සවයකට ඊයේ මහනුවර ප්‍රදේශයේදී එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද පෙරවරුවේ මහනුවර ශ්‍රී දළඳා මාලිගාව වැඳපුදා ගැනීම සඳහා පැමිණියා.
ඔහු එම පරිශ්‍රයට පා ගමනින් පැමිණෙද්දී රජයේ ඉහළපෙලේ නිලධාරියෙක් මාලිගා පරිශ්‍රය අසලට තම නිල රථයෙන් පැමිණ පිටව ගොස් තිබුණා.
මේ අතර, ගාල්ල – අකුරණ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සඳහන් කළේ පළාත් සභා මැතිවරණය කඩිනමින් ලබා ගැනීම වෙනුවෙන් කැප වන බවයි.