Gossips

කඩිනම් ජල ගාස්තු වැඩිවීමක් ?

ජල ගාස්තුවල වැඩිවීමක් නියත වශයෙන්ම සිදුකිරීමට බලාපොරොත්තු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති කේ.ඒ. අන්සාර් පවසනවා.
ජල ගාස්තු සංශෝධනයක් අවසන් වරට සිදුකරන ලද්දේ 2012 වසරේ දී වන අතර, ඉන් පසු නිෂ්පාදන පිරිවැය විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බව ඔහු සඳහන් කළා.
ජල සම්පාදන මණ්ඩල සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ජල ඒකකයක් පිරිපහදු කිරීම සඳහා මණ්ඩලයට රුපියල් 47ක් වැය වන අතර, එම ඒකකයක් රුපියල් 12කට පාරිභෝගිකයන් වෙත ලබාදෙන බවයි.
ඒ අනුව නිෂ්පාදන පිරිවැයෙන් සියයට 25ක් පමණක් පාරිභෝගිකයන්ගෙන් අය කෙරෙන බව හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියා.
ජල ගාස්තු වැඩි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉල්ලා ඇති අතර, ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් ද පත් කර තිබෙනවා.
එහි නිර්දේශ අනුව අදාළ ගාස්තු වැඩිවීම සිදුකිරීමට නියමිත බව ජල සම්පාදන මණ්ඩල සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.