Gossips

කඩා වැටෙන චීන අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ කොටස් ශ්‍රී ලංකාවට නොවැටෙන බව මහාචාර්ය චන්දන ජයරත්න කියයි

කඩා වැටෙමින් පවතින මීටර් 10.4ක විශාලත්වයකින් යුත් බස් රථයක් තරම් දිගු ටිඅන්ගොන් – 1, අභ්‍යාවකාශ මධ්‍යස්ථානය අද (01) මධ්‍යම රාත්‍රී 12.45ට ශ්‍රී ලංකාවට කිලෝමීටර් 479ක් තරම් පහළින් ගමන් කරන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා සහ අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න පවසනවා.
ඔහු කියා සිටියේ මෙලෙස කඩා වැටෙමින් පවතින අභ්‍යාකාශ මධ්‍යස්ථානයේ ප්‍රධාන කොටස් ශ්‍රී ලංකාවට නොවැටෙන බැවින් ඒ පිළිබදව ලක්වැසියන් කිසිදු භීතියකට පත් වීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.
වායුගෝලයේ බලපෑම් වල වෙනස්වීම් මත කඩා වැටෙන ස්ථානය නිවැරදිව ගණනය කළ නොහැකි නමුත්, මෙතෙක් කර ඇති ගණනය කිරීම්වලට අනුව එය ශ්‍රී ලංකාව පසුකර සුළු මොහොතකින් හෙට (02) දිනයේ මලයාසියාව ආසන්නයට කඩා වැටීම අරඹන බවයි ඔහු කියා සිටියේ.
2011 වසරේ චීනය විසින් උඩුගුවනට යැවූ ටොන් 08 ක් පමණ බරැති ටියන්ගොන් – 1 අභ්‍යාවකාශ මධ්‍යස්ථානය සූර්ය ක්‍රියාකාරකම්වල බලපෑම හේතුවෙන් 2016 වසරේ මාර්තුවේදී අක්‍රිය වූ අතර, එය පොළොවට ඇද වැටෙන්නේ පාලනයකින් තොරවයි.