පුද්ගලයන් 189 දෙනෙකු සමඟ අද උදෑසන අනතුරට ලක්වූ ඉන්දුනීසියානු ලයන් එයාර් ගුවන් යානයේ සිටි මගීන්ගේ බවට සැලකෙන සිරුරු කොටස් ජාකර්තා මුහුදු තීරයෙන් හමුවී තිබෙනවා.
බෝයිං 737 වර්ගයේ මෙම යානයේ නියමුවා ලෙස කටයුතු කර ඇත්තේ 31 හැවිරිදි ඉන්දියානුවෙක්.
ඔහු ගුවන් සේවයට එක්වී ඇත්තේ මීට සත් වසරකට පෙරයි.
මගී ගුවන් යානය ජාකර්තා ගුවන් තොටුපළින් නික්මී විනාඩි 13ක් ඇතුළත අතුරුදන් වී ඇති අතර, වෙරළට කිලෝමීටර් 15ක් පමණ ඈතින් එහි සුන්බුන් කඩා වැටී ඇති බව විශ්වාස කෙරෙනවා.
ජීවිතාරක්ෂක මෙහෙයුම සඳහා බෝට්ටු, හෙලිකොප්ටර් යානා සහ ගිලන් රථ සූදානම් කර ඇති නමුදු කිසිවෙකු දිවි ගලවා ගත් බවට මෙතෙක් තොරතුරක් ලැබී නැහැ.
