Gossips

කඩා වැටුණු ඉතියෝපියානු ගුවන් යානයේ කළු පෙට්ටිය හමුවෙයි

මගීන් සහ කාර්ය මණ්ඩලයේ 157 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් කඩා වැටුණු ඉතියෝපියානු ගුවන් සේවයට අයත් බෝයිං 737 යානයේ තොරතුරු පටිගත වී ඇති කළු පෙට්ටිය හමුවූ බව එරට බලධාරීන් ප්‍රකාශ කළා.
ඊයේ මෙම ගුවන් යානය කෙන්යාවේ නයිරෝබි බලා යන අතරතුර හදිසියේම කඩා වැටුණු අතර, එහි ජාතීන් 35කට අයත් මගීන් ගමන් කළා.
එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන, ජගත් සරණාගත මහකොමසාරිස් කාර්යාලය, ආහාර හා කෘෂිකර්ම සංවිධානය ආදී ආයතනවල විශේෂඥයන් ඇතුළු 19 දෙනෙකු ද ඊට ඇතුළත්.
මගීන් 33 දෙනෙකු, කෙන්යානු ජාතිකයන් වන අතර 18 දෙනෙක් කැනේඩියානුවන්.