කඩවත ප්‍රදේශයේ වෙළදසැලක හට ගත් හදිසි ගින්න මේ වන විට මැඩ පවත්වා තිබෙනවා.
රෙදි පිළි ගබඩා කර තිබූ ස්ථානයක මෙම ගින්න ඊයේ රාත්‍රියේ හටගෙන ඇති අතර, පසුව පොලීසිය සහ ගම්පහ ගිනි නිවීමේ ඒකකයේ සහාය ඇතිවයි ගින්න මැඩ පවත්වා ඇත්තේ.
ගින්නෙන් දේපළ හානි සිදුව ඇති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
