Gossips

කඩවත වෙඩි තැබීමෙන් තුවාල ලැබූ කාන්තාව මරුට

කඩවත – ගෝනහේන මංසන්ධියේදී අද පස්වරුවේ සිදුවු වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කළ කාන්තාව ජීිවිතක්ෂයට පත්ව තිබෙනවා.
34 හැවිරිදි ඇය කඩවත – රන්මුතුගල ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.
පොලිසිය සඳහන් කළේ ඇය පුද්ගල ඝාතන නඩුවක සැකකාරියක් බවයි.
පසුගිය වසරේ දෙසැම්බර් 30 වනදා ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන ඇයගෙන් දික්කසාද වූ සැමියා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව, මෙම කාන්තාවට චෝදනා එල්ලවී තිබුණා.
එම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටි ඇය ඇප ලබා පැමිණ ඇත්තේ මීට මාසයකට පමණ පෙරයි.
ඊට අදාළ නඩුවට මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගොස් යතුරුපැදියෙන් යළි නිවසට පැමිණෙන අවස්ථාවේදී මෙම කාන්තාව වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.