Gossips

කඩවත අනතුරකින් පාසල් සිසුවෙක් මරුට

කඩවත – මාතර අධ්වේගී පිවිසුම් මාර්ගයේ කඩවත ඇවිදින මංතීරැව අසල සිදුවූ රිය අනතුරකින් පාසැල් සිසුවෙකු මියගොස් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.
ඊයේ පස්වරුවේ පුද්ගලික බස් රථයක යතුරු පැදියක් ගැටීමෙනනුයි අනතුර සිදුව ඇත්තේ.
අනතුරින් මියගොස් ඇත්තේ මෙවර අ.පො.ස සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටින සපුගස්කන්ද මහා විදුහලේ ඉගනුම ලබන කවිඳු දිල්ශාන් නමැති සිසුවෙක්.
සිය මව සහ 9 හැවිරිදි සහෝදරිය සමග උපකාරක පංතියකට යමින් සිටියදී ඔහු මෙම අනතුරට ලක්ව තිබෙනවා.
කොලඹ ජාතික රෝහලේ සහ රාගම රෝහලේ ප්‍රතිකාර ලබන මියගිය දරැවාගේ සහෝදරිය සහ මවගේ තත්වය බරපතල බවයි රෝහල් ප්‍රකාශකයින් සදහන් කලේ.
අනතුරට ලක්වූවන් කඩවත ගෝනහේන ප්‍රදේශයේ පදිංචිකරැවන් වනවා.
අනතුරෙන් පසු බස් රථයේ රියදුරුට එම ස්ථානයේ සිටි පිරිස් පහර දී ඇති අතර අනතුරුව කඩවත පොලිසිය විසින් රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.