Gossips

කඩවතදී කැපුම් තුවාල සහිතව වැටී සිටි පුද්ගලයෙකු සොයාගැනේ

කඩවත – මහර – නුගේගොඩ ප්‍රදේශයේදී කැපුම් තුවාල සහිතව වැටී සිටි පුද්ගලයෙකු රාගම පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
පොලිස් හදිසි දුරකථන ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව මෙම පුද්ගලයා ඊයේ පස්වරුවේ සොයාගෙන ඇති අතර, අනතුරුව ඔහු රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලීසිය කියා සිටියේ.
මොහු 46 හැවිරිදි ගණේමුල්ල – කොස්සින්න ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුලූ තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පහරදීමක් හේතුවෙන් මෙම පුද්ගලයා මියගොස් ඇති බවටයි පොලීසිය සිදුකළ මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.