ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර ලබා දුන් කටහඬ සාම්පලයේ රස පරික්ෂණ වාර්තාව ඉදිරි සති තුන ඇතුළත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් එල්ලවන චෝදනාවලට අදාළව හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා ඊයේ පෙරවරුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට පැමිණ සිය කටහඬ සාම්පල ලබාදුන්නා.
එමෙන්ම පසුගිය 26 වන දා දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර එම දෙපාර්තමේන්තුවට ගොස් කට හඬ සාම්පල ලබාදී තිබුණා.
මේ වන විට නාමල් කුමාරට අදාළ කට හඬ සාම්පලයේ වාර්තාව සකස් කරමින් සිටින බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, රස පරීක්ෂක ඒ. වැලිඅංග හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ.
