Gossips

කට කතාවලට සහ අසත්‍ය ප්‍රකාශවලට නොරැටවෙන්න – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනතාවගෙන් ඉල්ලයි!

අද උදෑසන දිවයිනේ ස්ථාන කිහිපයක සිදුවූ පිපිරීම් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට ටික වෙලාවකට පෙර විශේෂ ප්‍රකාශයක් නිකුත් කළා.
මෙම ප්‍රකාශය සිදු කරමින් ජනාධිපතිවරයා සිදුවී ඇති ව්‍යසනය සම්බන්ධයෙන් තමන් කණගාටුව පළ කරන බවත්, මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පොලිස් විශේෂ කාර්ය බලකායට උපදෙස් ලබාදී ඇති බවත් සඳහන් කළා.
එමෙන්ම සිදුවීම් සම්බන්ධයෙන් වන කටකතා හා අසත්‍ය ප්‍රචාර වලට නොරැවටී සන්සුන්ව සහයෝගය ලබා දෙන ලෙසයි, ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ.