ලොව ජෛව විවිධත්වයෙන් පොහොසත් රටක් ලෙස කීර්තිමත් ශ්‍රී ලංකාවේ අභාවයට යමින් සිටින ආවේණික කටුසු විශේෂ ආරක්ෂා කර ගැනීමේ නව ප්‍රයත්නයක් දියත් කෙරෙනවා.
මෙරට පාරිසරික සංවිධාන ඒ සඳහා සයිටීස් හෙවත් වඳ වීමේ අවදානමට ලක්ව ඇති සත්ත්ව සහ ශාඛ වෙළඳාම පිළිබද ජාත්‍යන්තර සම්මුතියෙන් ඉල්ලීමක් කිරීමට නියමිතයි.
ලොව පුරා දුර්ලභ සත්ත්ව සහ ශාඛ රැක ගැනීම සඳහා වන සයිටීස් සමුළුව ලබන මැයි 23 වන දා සිට ජුනි 3 වන දා දක්වා පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේදියි.
එහිදී අදාළ ඉල්ලීම ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව හිටපු රේගු අධ්‍යක්ෂ සහ පරිසරවේදී සමන්ත ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.
