කටුනායක ගුවන් තොටුපළේදී රේගු නිලධාරීන් 5 දෙනෙකුට පහර දුන් කුවේට් සිට මෙරටට පැමිණි යුවළ කටුනායක ගුවන් තොටුපළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ යුවළ රැගෙන ආ සුනඛයා සත්ත්ව නිරෝධායන රෙගුලාසි යටතේ රදවා ගැනීම හේතුවෙන් ඊට උරණ වූ ඔවුන් බලහත්කාරයෙන් සුනඛයා ද සමඟ ගුවන් තොටුපළෙන් පිටව යාමට උත්සාහ කිරීම වැළැක්වීමට යාමේදී රේගු නිලධාරීන්ට පහර දී තිබුණා.
පසුව රේගු භාරයට ගත් මොවුන් දෙදෙනා ගුවන් තොටුපළ පොලීසියට භාර දෙනු ලැබුවා.
කෙසේ වෙතත්, මේ වන විට මෙම ගැටළුවට කුවේට් තානාපති කාර්යාලය ද මැදි වී ඇති බවට වාර්තා වනවා.
අදාළ විදේශික යුවළ රැගෙන ආ සුනඛයා සත්ත්ව නිරෝධායන ආයතනය වෙත භාර දී ඇති අතර මොවුන් දෙදෙනා අද මීගමුව මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
