Gossips

කටුනායක ගුවන් තොටුපළේ නව ගුවන් යානා අංගනයක් ඉදිකිරීම ඇරඹේ

කටුනායක – බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ නව ගුවන් යානා අංගනයක් ඉදිකිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.
ජයිකා ආයතනයේ සහන ණය ආධාර යටතේ මෙම ගුවන් යානා අංගනය ඉදිකෙරෙන බවයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනය කළේ.
කටුනායක ගුවන් තොටුපළේ ගුවන් යානා අංගනය තුළ මේ වන විට ගුවන් යානා 24ක් පමණ නවතා තැබිය හැකියි.
මෙම නව අංගනය ඉදිකිරීමත් සමඟ තවත් ගුවන් යානා 25ක් පමණ එහි නවතා තැබිය හැකි බව අමාත්‍යාංශය පෙන්වා දෙනවා.