Gossips

කටුනායක ගුවන් තොටුපලේ ආරක්ෂක අංශ සේවකයන් පිරිසක් විරෝධතාවක

කටුනායක ගුවන් තොටුපල ආරක්ෂක අංශ ප්‍රධානියාට විරෝධය පළ කරමින් ගුවන් තොටුපල ආරක්ෂක අංශ සේවකන් පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.
ගුවන් තොටුපල ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති එම්.ඩබ්ලිව්.පී. මුහන්දිරම් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ආරක්ෂක අංශ ප්‍රධානියාගේ අත්තනෝමතික ක්‍රියාකලාපයට එරෙහිව මෙලෙස රාජකාරි කටයුතුවලට වාර්තා නොකිරීමට තීරණය කළ බවයි.