Gossips

කටුනායක ගුවන් තොටුපලට මගී යානයක් හදිසියේ ගොඩබස්සවයි

මගීන් 11 දෙනෙකු රැගත් ගුවන් යානයක් තාක්ෂණික දෝෂයකට ලක්වීම නිසා කටුනායක ගුවන් තොටුපල වෙත හදිසියේ ගොඩබස්සවා තිබෙනවා.
හොංකොං බලා ගමන් ගත් ගුවන් සේවයකට අයත් නොවන කුලී ගුවන් යානයක් වන මෙය තාක්ෂණික දෝෂයට ලක්වීමත් සමඟ ආරක්ෂක පියවරක් ලෙස ඉන්ධන මුහුදට හෙළා ඇති බව සඳහන්.
ඉන් අනතුරුවයි එය කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත හදිසියේ ගොඩබැස්සවීමට පියවර ගෙන ඇත්තේ.
ගුවන් තොටුපල බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ යානය මගීන් සමඟ ආරක්ෂිතව ගොඩබැස්සවූ බවයි.