Gossips

කටුනායක ගුවන්තොටුපළේ ගුවන් ගමන් ප්‍රමාදයක්

කටුනායක ගුවන්තොටුපලින් පිටත්ව යාමට නියමිතව තිබු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන්යානා කිහිපයක ගුවන් ගමන් ඊයේ (25) රාත්‍රියේ සහ අද (26) උදැසන නියමිත වේලාවට පිටත්ව නොයෑම හේතුවෙන් ගුවන් මගින් පිරිසක් අපසසුතාවයට පත්ව ඇතිබව වාර්තා වනවා.
හිරු ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කලේ මේ හේතුවෙන් මෙම මගින් පිරිසට පැය 08 කට අධික කාලයක් ගුවන්තොටුපල පරිශ්‍රය තුළ රැදී සිටීමට සිදුවූ බවයි.
එමෙන්ම අප කල විමසීමකදී ගුවන්තොටුපල බලධාරියෙක් අප සමඟ පැවසුවේ එම ගුවන්යානා වල හට ගත් කාර්මික දෝෂ කීපයක් හේතුවෙන් මෙසේ ගුවන් ගමන් ප්‍රමාද වූ බවයි.
මේ සිදුවීමත් සමග ගුවන් මගීන් සහ බලධාරින් අතර නොසන්සුන් තාවයක්ද හට ගත බවයි අප වාර්තාකරු සදහන් කළා.