Gossips

කටුනායකින් ගුවන් ගතවූ යානයක එන්ජිමක කුරුල්ලෙක් ගැටෙයි

කටුනායක ගුවන් තොටුපොලෙන් ඩුබායි බලා පිටත්ව ගිය ගුවන් යානයක එන්ජිමක කුරුල්ලෙකු ගැටීම නිසා යානයේ තනි එන්ජිමෙන් පැය දෙකක ගුවන් ගමනකින් පසු යළි කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩබස්සවා තිබෙනවා.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ ඊයේ (26) රාත්‍රියේ ගුවන් යානය මෙලෙස ගුවන් තොටුපොල වෙත යළි ගොඩබැස්සවූ බවයි.
එම අවස්ථාවේ ගුවන් යානය තුළ මගීන් 268ක් සහ කාර්යය මණ්ඩලය 12 දෙනෙකු සිට ඇති බවයි වර්තා වන්නේ.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල් – 225 දරණ මෙම ගුවන් යානය ඊයේ (26) සවස 6.40 ට කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් ඇති අතර ඉන්දීය ගුවන් සීමාවේ දී යානයේ වම් පස අංක 01 දරණ එන්ජිමේ කුරුල්ලෙකු ගැටී තිබෙනවා.
පසුව තවදුරටත් මෙම ගුවන් යානය ඉදිරියට පියාසර කරවීම අත්හිටවූ ගුවන් නියමුවරයා යානය යළි රාත්‍රී 8.11 කටුනායක ගුවන් තොටුපොළ වෙත නිරුපද්‍රිතව ගොඩබැස්සවීමට සමත්ව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
අනතුරුව එහි පැමිණි ගුවන් මගීන් සියල්ල ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ වෙනත් ගුවන් යානයකින් රාත්‍රී 11.15 ට පමණ යළිත් ඩුබායි බලා පිටත් කර යැවීමට පියවර ගත් බවයි වාර්තා වන්නේ.