Gossips

කටුනායකදී මැණික් තොගයක් අත්අඩංගුවට (ඡායාරූප)

මැණික් තොගයක් නීති විරෝධී ලෙස මෙරටට රැඟෙන ආ චීන ජාතිකයන් තිදෙනෙකු කටුනායකදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගෙන ඇති මැණික් තොගයේ වටිනාකම රුපියල් 46,81,445 (හතලිස් හය ලක්ෂ අසූ එක්දහස් හාරසීය හතලිස් පහක්) බවයි වාර්තා වන්නේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 39 සහ 27 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙක් සහ 37 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.
ඔවුන් චීනයේ කුංමිං සිටචයිනා ඊස්ටන් ගුවන් සේවය ඔස්සේ මෙරටට පැමිණ ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
පසුව ඔවුන් තොටුපොළ "හරිත මාවත" ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටියදී රේගු නිලධාරීන් විසින් මෙම පරීක්ෂා කිරීමේදීයි ගමන්මලුවල සඟවාගෙන සිටි මැණික් තොගය හමුව ඇත්තේ.
එහිදී හමුවී ඇති මැණික් තොගයේ බර කිලෝ ග්‍රෑම් 06 යි ,ග්‍රෑම් 448 ක් බවයි අනාවරණ වී ඇත්තේ.
ඉන් කිලෝ ග්‍රෑම් 04 යි ග්‍රෑම් 600 ක් ම රතු මැණික් කැට වීම විශේෂත්වයක් බවයි රේගුව ප්‍රකාශ කළේ.
ඊට අමතර මෙම මැණික් තොගයේ ආරනූල් , රබහ , නිල් මැණික් , පද්මරාග සහ ඇපටයිට් වර්ගයේ මැණික් ද තිබූ බවයි රේගුව වැඩිදුරටත් පැවසුවේ.
රේගු අධිකාරීවරුන් වන එන්. අයි.බාලගේ , ඩබ්ලිව් .එන්.එම්. මිහිඳුකුළසූරිය , එම්.එම්.එම්.රිෂ්වි , එල්. බී.ඉලුප්පිටිය , පී.එච්.ඩී.පී.චන්ද්‍රසිරි , කේ. පී.ටී.සදමාල් සහ ඒ.පී.කොඩිතුවක්කු යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර තිබෙනවා.
රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා වැඩිදුරටත් පැවසුවේ රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ස්ටැන්ලි සේනාරත්නගේ උපදෙස් පරිදි රේගු අධ්‍යක්ෂ ඕ.එම්. ජාබීර් මහතාගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන නිහාල් අලහප්පෙරුම , චින්තක කුළරත්න , රේගු අධිකාරීවරුන් වන එස්. රණසිංහ , ටී.බී.රන්දෙණිය , ජූඩ් ප්‍රනාන්දු යන නිලධාරී මහත්වරුන් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

(ඡායාරූප – ටී කේ ජී කපිල කටුනායක)