Gossips

කටුනායකට පැමිණි ගුවන් යානයක් හදිසියේ මත්තලට

කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානය අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මත්තල ගුවන් තොටුපලට ගොඩ බස්වා තිබෙනවා.
මෙම ගුවන් යානය බැංකොක් සිට පැමිණි ගුවන් යානයක්.
ඒ වනවිට ගුවන් තොටුපොළ අවට පැවති අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් එම ගුවන් යානය මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කළ අතර එය සවස 5.40 ට ගොඩ බස්වා තිබුනා.
මෙම යානය ප්‍රංශයේ නිෂ්පාදිත A- 320 – 214 වර්ගයේ එයා බස් ගුවන් යානයක් වන අතර , එහි මගීන් 134 ක් සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 09 ක් සිටි බවයි සඳහන් කළේ .
එම යානය යළිත් රාත්‍රී 6.30 ට මත්තල ගුවන් තොටුපොළෙන් කටුනායක ගුවන් තොටුපොළ බලා පිටත් වූ අතර, රාත්‍රී 6.55 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා වී තිබෙනවා.
ඒ වනවිට කටුනායක ගුවන් තොටුපොළ අවට කාළගුණික තත්වය යහපත් අතට හැරී තිබු බව අප ගුවන්තොටුපල වාර්තාකරු කියාසිටියා.