Gossips

කටුනායකට පැමිණි ගුවන් මගියෙකු හදිසියේ මියයයි

කුවේට් සිට ශ්‍රී ලංකාව බලා අද 05 දින අලුයම පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයේ ගමන් ගනිමින් සිටි ගුවන් මගියෙකු එම ගුවන් යානය තුළ දී මිය ගොස් සිටි බව කටුනායක ගුවන් තොටුපළ කාර්යයභාර නිලධාරීවරයා ප්‍රකාශ කළා.
මොහු 59 හැවිරිදි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු වන අතර , ඔහුට හදිසියේ වැළදුණු හෘදයාබාධයක් නිසා මෙම මරණය සිදු වී ඇති බව ගුවන් තොටුපළ වෛද්‍යවරුන් පවසනවා.
මොහු අද 05 දින උදෑසන 6.10 ට කටුනායක ගුවන් තොටුපළ වෙත කුවේට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 230 දරන ගුවන් යානයේ ගමන් ගෙන තිබෙනවා.