Gossips

කටුනායකට ආ ගුවන් යානා 4 ක් මත්තලට

කටුනායක ගුවන්තොටුපල වෙත ගොඩබැස්සවීමට නියමිත ගුවන් යානා 4 ක් අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මත්තල ගුවන්තොටුපල වෙත හරවා යවා තිබෙනවා.
මත්තල ගුවන්තොටුපල කළමනාකාර උපුල් කලන්සූරිය හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ක්වාලාලම්පූර්, සිංගප්පූරුව, දොහාකටාර් සහ ජකාර්තා සිට පැමිණි ගුවන් යානා 4 ක් මෙලෙස මත්තල ගුවන්තොටුපල වෙත ගොඩබැස්වූ බවයි.
මෙම යානා 4 න් 3 ක්ම ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත්.
කෙසේ වෙතත්, මේ වනවිට කටුනායක ගුවන්තොටුපල අවට කාලගුණික තත්ත්වය යහපත් වී ඇති බව ද අප වාර්තාකරු ප්‍රකාශ කළා.