මහවැලි ගඟේ කටුගස්තොට – ගෝහාගොඩ ප්‍රදේශයේදී සිදුවූ බෝට්ටු අනතුරෙන් අතුරුදන්වූ විදෙස් ජාතික තරුණියගේ සිරුර හමුවී තිබෙනවා. 
ඒ, ගන්නොරුව – සීමාමාලකය අසළ වළක තිබියදියි. 
අරාබි ජාතික 24 හැවිරිදි මෙම තරුණිය විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්. 
සෞදි අරාබියය සහ දෝහා කටාර් රාජ්‍යයේ සිට පැමිණි පිරිසක් ගමන් ගත් බෝට්ටුවක් ඊයේ පස්වරුවේ මහවැලි ගඟේ පෙරළී තිබුණා. 
පසුව ඉන් හයදෙනෙකු ප්‍රදේශවාසින් විසින් බේරාගනු  ලැබූ අතර, එක් තරුණියක් දියේ ගිලී අතුරුදන් ව තිබුණා.



