Gossips

කටුකුරුන්ද අනතුරෙන් බේරුණු යතුරු පැදි ධාවකයා ඔස්ට්‍රේලියාවේදී අනතුරකින් මරුට

පසුගිය වසරේ යතුරුපැදි ධාවනය තරඟයක් අතරතුර ඉන් පිටත යතුරු පැදියක් ධාවනය කිරීමට ගිය අවස්ථාවේ තරුණයෙකු අනතුරට පත්වන වීඩියෝවක් වෙත බොහෝදෙනෙකුගේ අවධානය යොමුවූවා.
කෙසේ වෙතත් කටුකුරුන්ද ධාවන පථයේ සිදුවූ මෙම අනතුරින් එම තරුණයා බරපතල තුවාල ලැබුවද දිවි බේරාගැනීමට තරම් වාසනාවන්ත වූවා.
මෙලෙස අනතුරට ලක්වූයේ මොරටුව ප්‍රදේශයේ කාමිල් යූසුෆ් නමැති 22 හැවිරිදි තරුණයෙක්.
කෙසේ වෙතත් ගිය වසරේ ඔහුට අනතුරෙන් ගැලවෙන්න වාසනාවන්ත වුවද පසුගියදිනක සිදුවූ යතුරු පැදි අනතුරක් ඔහුට දිවි අහිමි කර ඇති බව වාර්තා කරන්නේ විදෙස් මාධ්‍යයයි.
මීට වසරකට පෙර සිදුවූ බයානක අනතුරෙන් සුවවූ කාමිල් ඕස්ට්‍රේලියාව බලා යන්නේ දහසකුත් බලාපොරොත්තු සමඟයි.
මාරයා තමන්ට විදෙස් රටකදී හමුවෙතැයි සිහිනෙකින් හෝ නොසිතූ කාමිල් පසුගියදිනක සිය යතුරුපැදිය කලකට පසු යලි අතට ගන්නේ හිතේ තිබුණු සතුටත් එක්කමයි.
කොහොම උනත් එදින කාමිල් පදවාගෙන ගියපු යතුරුපැදිය ඕස්ට්‍රේලියාවේ Clayton හිදී අනතුරට ලක්වනවා.
එම අනතුරෙන් බරපතළ තුවාල ලැබූ කාමිල් එහිදී බරපතළ තුවාල ලබා දිවිගමනට සමුදෙනවා.
යතුරුපැදියට පනටත් වඩා ආදරය කළ කාමිල් ශ්‍රී ලංකාවේ පැවති යතුරු පැදී තරංග කිහිපයක් සඳහාම ක්‍රීඩකයෙකු ලෙස තරඟ වැදී තිබෙනවා.