Gossips

කටාරය ලෝක පාපන්දු කුසලාන ක්‍රීඩාංගණය එළි දක්වයි

2022 වසරේ ලෝක පාපන්දු කුසලාන අවසන් මහා තරඟ පැවැත්වෙන ප්‍රධාන ක්‍රීඩාංගණය කටාරයේ එමීර්වරයා වන ෂෙයික් තමීන් බින් හමාඩ් අල්තානි විසින් එළිදක්වනු ලැබුවා.
එම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් ඇතුලු අමුත්තන් රැසක් පැමිණ සිටියා.
අලුතින් බිහි කළ ලුසයිල් නගරයේ ඉදිකෙරුණු මෙම ක්‍රීඩාංගණයේ 80,000 කට පාපන්දු තරඟ නැරඹීමට හැකිවීම විශේෂත්වයක්.
දෝහා අගනුවර සිට කිලෝමීටර් 15 ක් නුදුරින් ඉදිකර ඇති ක්‍රීඩාංගනය ඇතුලු නගර ව්‍යාපෘතියට වැයකර ඇති මුදල ඇමරිකානු ඩොලර් බිලියන 45ක්.
2022 ලෝක කුසලාන තරඟාවලියේ සත්කාරකත්වය හිමිකරගෙන සිටින ස්වභාවික වායු සම්පතින් පොහොසත් කටාරය ඒ සඳහා ක්‍රීඩාංගණ 8ක් නිමවා තිබෙනවා.
ඊයේ මෙලෙස විවෘත කෙරුණේ එහි 08 වන සහ අවසාන ක්‍රීඩාංගණයයි.