Gossips

කටහඬ සාම්පලයක් ලබාදීමට නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මීට සුළු මොහොතකට පෙර කටහඬ සාම්පලයක් ලබාදීම සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට පැමිණියා.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ඊයේ නිකුත් කළ නියෝගයකට අනුවයි ඔහු මෙලෙස රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට පැමිණ ඇත්තේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට අදාළව ඇති දුරකතන සංවාද පිළිබඳ සිදුකෙරෙන විමර්ශනවලට අදාළව මෙම කටහඬ සාම්පලය ලබා ගැනීමට නියමිතයි.