කච්චතිව් දූපතේ පිහිටි ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය හෙට (24) පැවැත්වෙනවා.
මෙවර මංගල්‍යයට ඉන්දීය ජාතික බැතිමතුන් 4000 ත් 5000 ත් අතර ප්‍රමාණයක් සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
එමෙන්ම ශ්‍රී ලාංකික බැතිමතුන්ද 3000 ක් පමණ සහභාගි වන බව අපේක්ෂා කරන අතර සියළුම බැතිමතුන්ට අවශ්‍ය ආහාර පාන,පානීය ජලය ඇතුළු සියළුම පහසුකම් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ලබාදීමට සියලු කටයුතු සුදානම් කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
