Gossips

කච්චතිව් වන්දනාවේ ඉතිහාසය වෙනස් වෙයි

කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ වාර්ෂික මංගල්‍යය මේ වන විට ආරම්භ වී තිබෙනවා.
මෙහි විශේෂත්වය වන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට සිංහල දේව මෙහෙයක් සිදුකිරීමයි.
ගාල්ල රදගුරු රේමන්ඩ් වික්‍රමසිංහ පියතුමන්, සිංහල දේව මෙහෙය සිදුකළ අතර දමිළ බසින් දේව මෙහෙය සිදුකරනු ලැබුවේ යාපනය රදගුරු ජස්ටින් ඥානප්‍රකාශන් පියතුමන් විසින්.
මෙවර දේව මෙහෙය සඳහා ශ්‍රී ලාංකික බැතිමතුන් 6182 සහභාගි වී සිටින අතර, ඉන්දීය බැතිමතුන් 1942ක් ද බෝට්ටු 62කින් දේව මෙහෙය සඳහා පැමිණ තිබෙනවා.
කෙසේ වෙතත්, කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ වාර්ෂික මංගල්‍යය සඳහා පසුගිය වසරේ ඉන්දියානුවන් කිසිවෙකුත් පැමිණියේ නැහැ.
ඒ, ඉන්දීය ධීවරයන් මෙරට මුහුදු තීරයේදී නාවික හමුදා ප්‍රහාරවලට ලක්වන බවට චෝදනා කරමින්.