Gossips

කංජිපානි ඉම්රාන් CCD අත්අඩංගුවට

මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කෙරුණු ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කොළඹ අපරාධ කොට්ඨාශය සිදු කළ ප්‍රශ්ණ කිරීම්වලින් අනතුරුවයි.
මෙතෙක් සිදුකරන ලද විමර්ශනවලදී මනුෂ්‍ය ඝාතන 03 කට සහ පුද්ගලයින් 15 දෙනෙකු ඝාතනයට තැත් කිරීමේ සිද්ධීන්වලට මෙන්ම විෂ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියා.
උදෑසන 6.20 ට ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් LZ 547 දරණ යානයෙන් කංජිපානි ඉම්රාන් සමඟ මධූෂ්ගේ සාදයේ සිටියදී ඩුබායි පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන පිටුවහල් කළ තවත් සැකකරුවන් තුන් දෙනෙකුද පැමිණියා.
එහිදී කටුනායක ගුවන් තොටුපලේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කෙරුණු අතර, එම පරීක්ෂණ සඳහා කටුනායක ගුවන් තොටුපල මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහය ද ලබා ගැනුණා.