Gossips

කංජිපානි ඉම්රාන්ගේ ප්‍රධාන වෙඩික්කරුවෙකු වන ජී.රිස්වාන් අත්අඩංගුවට

ඩුබායි හිදී අත්අඩංගුවට පත්ව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ ප්‍රධාන වෙඩික්කරුවෙකු වන ජී.රිස්වාන් නමැත්තා ජම්පටා වීදියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ ඊයේ පොලිස්පතිවරයාගේ නියමයෙන් සිදුකළ විශේෂ මෙහෙයුමේදී ඔහු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
39 හැවිරිදි සැකකරු ඝාතන 4 කට සම්බන්ධ බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.