දැනට ඩුබායි හි දී අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගතව සිටින මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ ප්රධානතම ගෝලයෙකු වැල්ලම්පිටිය – කොළොන්නාව – සාලමුල්ල ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (22) රාත්රියේ සිදුකළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගත් අතර ඔහු ළඟ තිබී හෙරොයින් ග්රෑම් 10යි මිලිග්රෑම් 480ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
කොළොන්නාව ප්රදේශයේ පදිංචි මොහොමඩ් නවුෆර් මොහොමඩ් අලි නැමති මොහු අද(23) අලුත්කඩේ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.