Gossips

කංජිපානි ඉම්රාන්ගෙන් පැය 15ක් ප්‍රශ්න කරයි

ඩුබායි සිට මෙරටට පිටුවහල් කළ ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය තවදුරටත් ප්‍රශ්න කිරිම් සිදු කරනවා.
එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ පැය 15කට අධික කාලයක් සැකකරුගෙන් ප්‍රශ්න කළ බවයි.
මේ අතර, සංවිධානාත්මක අපරාධ කොට්ඨාශයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ ඊයේ (29) දිනයේ තමන් ඇතුළු පිරිසක් ද කංජිපානි ඉම්රාන්ගෙන් ප්‍රශ්න කළ බවයි.
කෙසේ වෙතත් ඔහු දිගින් දිගටම ප්‍රකාශ කර ඇත්තේ තමන් කිසිවක් නොදන්නා බවයි.
කෙසේ වෙතත්, තවදුරටත් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වන බව ද එම නිලධාරියා සඳහන් කළේ.
මේ අතර, පාතාල නායක කංජිපානි ඉම්රාන් ඇතුළු ඩුබායි සිට මෙරටට පිටුවහල් කළ පුද්ගලයින් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදුකිරීම සදහා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නගේ ප්‍රධානත්වයෙන් 7 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබෙනවා.