Gossips

ඖෂධ හිඟයක් ගැන අවදානමක්

රට තුල ඖෂධ හිඟයක් ඇතිවීමේ අවදානමක් මතුව තිබෙනවා.
අප කළ විමසීමකදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් බී.ජේ.එස්. ගුණතිලක සඳහන් කළේ ඖෂධ මිලදී ගැනීම සඳහා මුදල් නොලැබීම මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බවයි.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිවරයා ඉල්ලා අස්වීමෙන් පසු නව සභාපතිවරයෙකු ද මෙතෙක් පත් කර නැහැ.
ඒ හේතුවෙන් ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියට බාධා එල්ල වී ඇති බව හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.
කෙසේ වෙතත්, එම කටයුතු සිදුකරන ලෙස අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුට තමන් උපදෙස් ලබාදුන් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් බී. ජේ. එස්. ගුණතිලක කියා සිටියේ.
මේ අතර, පසුගිය වසර 3 ඇතුළත සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළදී සිදුව ඇති දූෂණ අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීම සදහා ජනාධිපති කොමිසමක් අවශ්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.
මේ වසරේ ඖෂධ මිලදී ගැනීමේ ටෙන්ඩරයක් හරහා රුපියල් ලක්ෂ 700ක මූල්‍ය අක්‍රමිකතාවක් සිදුවී ඇති අතර, එම දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් විශේෂ ජනාධිපති කොමිසමක් මගින් විමර්ශනය කළ යුතු බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය සමන්ත ආනන්ද කියා සිටියේ.