Gossips

ඖෂධ වර්ග රැසක මිල අඩු කිරිමට පියවර

පිළිකා රෝගීන්ට ලබාදෙන ඉතා මිල අධික ඖෂධ වර්ග රැසක මිල ලබන ජුලි මාසයේ සිට අඩු කිරිමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.
ඖෂධ මිල අඩුකිරීමේ ප්‍රථම අදියර යටතේ අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 මිල අඩු කිරිමට මිට පෙර සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගත්තා.
දෙවන අදියර යටතේයි මිල අධික ඖෂධ වල මිල ගණන් අඩු කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත්තේ.
ඖෂධ මිල අඩු කිරීමෙන් පසු පෞද්ගලික රෝහල් වල මිල ගණන් සංශෝධනය කිරිමට ද කටයුතු කරන බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.