Gossips

ඕළු මරා ඇතුලූ 12 ක් වෙන්නප්පුවේදී අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශානක මධුෂාන් හෙවත් ඕළු මරා ඇතුලූ 12 දෙනෙකු වෙන්නප්පුව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වෙන්නප්පුව – සිරිගම්පල ප්‍රදේශයේදී ඊයේ ඕළු මරා විසින් මත්කුඩු අලෙවි කරන අවස්ථාවේදී ඒවා මිලදී ගැනීමට පැමිණි 11 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
එහිදී හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 300 ක් පොලිස් භාරයට ගැනුනා.
ඕළු මරා මීට පෙර අවස්ථා කිහිපයකදීම මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්වූ අයෙක්.
ඔහු ඇතුලූ සැකකරුවන් අද මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.