Gossips

ඕස්ටේලියාවේ – ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට ලැව් ගින්නෙන් දැඩි බලපෑම්

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ හටගෙන ඇති ලැව්ගිනි හේතුවෙන් දහස් ගණනක පිරිසක් ඉවත්කිරීමට පියවර ගෙන තිබෙනවා.
මේ වනවිට ලැව්ගිනි 130 ක් පමණ ප්‍රදේශ කිහිපයක හටගෙන ඇති අතර, ඉන් විශාල දේපල හානියක් සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පවතින දැඩි සුළං සහ උනුසුම් කාලගුණය මෙම ගිනි ව්‍යාප්තවීමට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා.
ලැව්ගිනි ගේ‍්‍රස්මියර් නගරය ආසන්නයට පැතිරෙමින් පවතින අතර, පාසල් 30 ක් පමණ වසා දමා ඇති බවද සඳහන්.