Gossips

ඕස්ට්‍රේලියා – ඉන්දියා තරගයේ දෙවන දිනය අදයි

ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර සිඞ්නි නුවර පැවැත්වෙන හතරවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි.
මේ වනවිට පළමු ඉනිම ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම කඩුලූ 5 ක් දැවී ලකුණු 352 ක් ලබා සිටිනවා. චෙටීෂ්වර් පුජාරා නොදැවී රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 161 ක්.
මේ අතර දකුණු අප්‍රිකාව සහ පාකිස්ථානය අතර කේප්ටවුන් හි ඊයේ ආරම්භ වූ දෙවන ටෙස්ට් තරගයේ පලමු දිනය නිමාවනවිට සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලූ 2 දැවී ලකුණු 123 ක් ලබා සිටියා.
පාකිස්ථානය පළමු ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී රැස් කළේ ලකුණු 177 ක් පමණයි.