Gossips

ඕස්ට්‍රේලියා – ඉන්දියා ටෙස්ට් තරඟය ගැන විචාරක අදහස්

ඕස්ට්‍රේලියාවට එරෙහිව ලබන 26 වනදා මෙල්බර්න් හි ආරම්භවීමට නියමිත තුන්වන ටෙස්ට් තරඟයට සහභාගි වන ඉන්දීය කණ්ඩායම තේරීම් කමිටුව දක්ෂතාවලින් පරිපූර්ණ ක්‍රීඩකයින් සහභාගි කරවනු ඇති බවට එරට විචාරකයින් මත පළ කරනවා.
ඕස්ට්‍රේලියාවට එරෙහිව පර්ත් හි අවසන් වූ දෙවන ටෙස්ට් තරඟය ඉන්දියාව පරාජයට පත්වීමට හේතු පෙන්වා දෙමින් ඔවුන් තේරීම් කමිටුව විවේචනය කර තිබුණා.
රවීන්ද්‍ර ජඩේජා, ඕස්ට්‍රේලියානු තරගාවලියට එක්වීමට පෙර සිට ශාරිරික යෝග්‍යතාවයකින් පසු නොවූ බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත්, පර්ත් හි පැවති දෙවන ටෙස්ට් තරඟයට දඟ පන්දු යවන්නෙකු කණ්ඩායමට ඇතුළත් නොකිරීම සම්බන්ධයෙන් ද එරට විචාරකයින් ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රවී ශාස්ත්‍රි ඇතුළු තේරීම් කමිටුවට චෝදනා එල්ල කර තිබෙනවා.
ඊට පිළිතුරු ලෙස ඔහු ප්‍රකාශ කර ඇත්තේ නායක විරාට් කෝලිගේ තීරණයකට අනුව වේග පන්දු යවන්නන් 4 දෙනෙකු දෙවන ටෙස්ට් තරඟයේ දී කණ්ඩායම තෝරා ගත් බවයි.