Gossips

ඕස්ට්‍රේලියා අගමැති චීන සංචාරයකට සැරසෙයි

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මේ වසර අවසානයේ චීනයේ සංචාරයක නිරත වීමට සූදානම් වනවා.
දෙරට අතර, රාජ්‍ය තාන්ත්‍රික සහ වෙළද සබදතා සම්බන්ධයෙන් මෙහිදී වැඩි වශයෙන් අවධානය යොමුවනු ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
විදේශ බලපෑම් අවම කිරීමේ අරමුණින් ඕස්ට්‍රේලියාව පසුගියදා සම්මත කර ගත් පනතක් හේතුවෙන් මෙම රටවල් දෙක අතර, සබදතා දුර්වල වී ඇති බවට විදෙස් වාර්තා පළ වී තිබුණා.