Gossips

ඕස්ට්‍රේලියාව හමුවේ ශ්‍රී ලංකාවට අවමන් සහගත පරාජයක්

ඕස්ට්‍රේලියාව සමඟ පැවති තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය තරඟ දෙකට බිංදුවක් ලෙස පරාජය වන්නට ශ්‍රී ලංකාවට අද සිදුවුණා.
ඒ දෙරට අතර පැවති දෙවන ටෙස්ට් තරඟය ලකුණු 366කින් ශ්‍රී ලංකාව පරාජයට පත් වෙමින්.
කැන්බරා නුවර පැවති දෙවන ටෙස්ට් තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 534ක් රැස් කළා.
ඊට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පළමු ඉනිම් සඳහා සියල්ලන් දැවී රැස්කර ගත හැකි වුයේ ලකුණු 215ක් පමණයි.
ලකුණු 319ක වාසියක් සමඟින් සිය දෙවන ඉනිම ආරම්භ කළ ඕස්ට්‍රේලියාව කඩුලු 03කට ලකුණු 196ක් රැස්කරගෙන සිටියදී සිය ඉනිම අත්හිටුවා ශ්‍රී ලංකා පිළට සිය දෙවන ඉනිම සඳහා අවස්ථාව ලබාදුන්නා.
ඒ අනුව ශ්‍රී ලංකා පිලට හිමිවූ ඉලක්කය 516ක්.
ලකුණු 516ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සිය දෙවන ඉනිම සඳහා සියල්ලන් දැවී රැස් කරගත හැකි වුයේ ලකුණු 149ක් පමණයි.
ඒ අනුව දෙවන ටෙස්ට් තරඟයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 366ක දැවැන්ත ජයක් හිමි වුණා.
දෙවන තරඟයේ වීරයා ලෙස ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් සම්මාන දිනාගත් අතර සමස්ත තරඟාවලිය තුල පන්දුවෙන් දස්කම් දැක්වූ පැට් කමින්ස් තරඟාවලියේ වීරයා බවට පත් වුණා.