Gossips

ඕස්ට්‍රේලියාව ස්ටීවන් ස්මිත්ට එරෙහිව වැඩිදුර ක්‍රියාමාර්ගවලට

දකුණු අප්‍රිකාව සමඟ පැවැති ටෙස්ට් තරඟයකදී පන්දුව පළුදු කිරිමේ සැලසුම් පිළිගත් ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත්, උපනායක ඩේවිඩ් වෝනර්ට මෙන්ම පුහුණුකරු ඩැරන් ලේමන්ට් ට එරෙහිව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් වැඩිදුර ක්‍රියාමාර්ගවලට යොමු වී තිබෙනවා.
ඊට අදාළ පියවර ක්‍රියාත්මක කිරීම සඳහා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ප්‍රධානී ජේම්ස් සදර්ලන්ඩ් ඇතුළු පිරිසක් මේ වන විටත් දකුණු අප්‍රිකාව බලා නික්මී ඇති බව සඳහන්.
දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන අවසන් ටෙස්ට් තරඟයේදී ඕස්ට්‍රේලියානු පිළේ ක්‍රීඩකයන්ගේ වෙනසක් ද අපේක්ෂා කෙරෙනවා.
මේ අතර පන්දුව පලුදු කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු නායක ස්ටීව් ස්මිත් මෙවර IPL තරඟාවලියේ රාජස්ථාන් රෝයල් කණ්ඩායමේ නායකත්වයෙන්ද ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඔහුගෙන් හිස්වන එම තනතුර සඳහා Ajinkya Rahane පත්කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
පසුගියදා දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරඟය අතර තුර පන්දුව පළුදු කළ බව පිළිගත් ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් සහ උපනායක ඩේවිඩ් වෝනර් එම තනතුරුවලින් ඉල්ලා අස්වුණා.
තරඟයේදී පන්දුව පළුදු කිරීමේ සිද්ධියට ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ස්ටීවන් ස්මිත්ට දඬුවම් වශයෙන් ටෙස්ට් තරඟයක් තහනම් කෙරුණා.
ඊට අමතරව සම්පුර්ණ තරඟ මුදල කපා හැරීමටයි අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත්තේ.
මේ අතර පන්දුව පළුදු කිරීමේ චෝදනා ලැබූ කැමරන් බැන්ක්‍රොෆ්ට්ට තරඟ ගාස්තුවෙන් සියයට 75ක මුදලක් කපා හැරීමටය ICCය පියවර ගෙන තිබෙනවා.
ස්මිත් නායකත්වයෙන් ඉල්ලා අස්වීමත් සමඟ ඉදිරි තරඟ සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වයට කඩුලු රකින ක්‍රීඩක ටිම් පේන් පත් කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් පියවර ගත්තා.
ඕස්ට්‍රේලියානු ක්‍රීඩක කැමරන් බැන්ක්‍රොෆ්ට් පන්දුව පළුදු කරන අයුරු පිළිබඳව මේ වන විට ජාත්‍යන්තර මාධ්‍යවල විශේෂ අවධානය යොමුව තිබෙනවා.