ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව ප්‍රථමවරට මහා පරිමාණ නාවික අභ්‍යාසයක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
ලබන 23 වන දා සිට 30 වන දා දක්වා පැවැත්වෙන එම නාවික අභ්‍යාසයට ඕස්ට්‍රේලියානු යුද නෞකා 4ක් සහ නාවික භටයන් දහසකට අධික සංඛ්‍යාවක් සහභාගි වනු ඇති.
නාවික මැරීන් බලකාය ඇතුළු ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් ඛණ්ඩ කිහිපයක් එක්වන බව නාවික හමුදා ප්‍රකාශක ලූතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර ප්‍රකාශ කළා.
මෙම ඒකාබද්ධ නෞකා අභ්‍යාසය ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර සාමුද්‍රික ආරක්ෂාව පිළිබද සහයෝගීතාව ඉහළ නංවන බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ජෝන් පිලිප් කියා සිටියා.
ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන නාවික අභ්‍යාසයෙන් පසු ඕස්ට්‍රේලියානු යුද නෞකා පෙළ මැලේසියාව, තායිලන්තය, වියට්නාමය, ඉන්දුනීසියාව සහ සිංගප්පූරුව සමඟ යුද අභ්‍යාසවල නිරත වී නැවතත් ඕස්ට්‍රේලියාව බලා යන්නේ මාස දෙක හමාරකින් අනතුරුවයි.
