Gossips

ඕස්ට්‍රේලියාව සමඟ ඉදිරි තරඟ දෙකේ දී ඉන්දියාව දෝණි ගැන තීරණයක් ගනී

ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන අවසන් එක්දින තරඟ දෙක සඳහා මහේන්ද්‍ර සිං දෝණි විවේක ගැන්වීමට ඉන්දීය ක්‍රිකට් කළමනාකාරීත්වය තීරණය කර තිබෙනවා.
ඒ අනුව සංචිතයේ අනෙක් කඩුලු රකින්නා වූ රිෂබ් පාන්ට් කණ්ඩායමට එක්වනු ඇති.
ඕස්ට්‍රේලියානු සංචාරය ඉන්දියාවට මේ වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය සඳහා කණ්ඩායම තෝරා ගැනීමේ අවස්ථාවක් ද වනවා.
ඕස්ට්‍රේලියාව සමඟ පැවති පළමු එක්දින තරඟ දෙක ජයග්‍රහණය කළ ඉන්දියාව ඊයේ ඔවුන් අතින් ලකුණු 32ක පරාජයක් ලැබූයේ විරාට් කෝලි ලබා ගත් ශතකය ද අපතේ යවමින්.
කෝලි එහිදී ලබා ගත්තේ 41 වන එක්දින ශතකයයි.
කෙසේ නමුත්, ඕස්ට්‍රේලියාව කඩුලු 5ක් දැවී ලබා ගත් ලකුණු 313ට පිළිතුරු ලෙස ඉන්දීය පිළ පන්දු වාර 48යි පන්දු දෙකකදී ලකුණු 281කට දැවී ගියා.