දකුණුදිග ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය කේන්ද්‍ර කොටගෙන ඇති වී තිබෙන දැවැන්ත ලැව් ගිනි මැඩලීම සඳහා දහසකට අධික ගිනි නිවන භටයන් යොදවා තිබෙනවා.
මෙතෙක් වාර්තාගත උණුසුම්ම ගිම්හාන කාලගුණය මේ වන විට ප්‍රාන්තයේ පවතින අතර, පසුගිය සති අන්තයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 40 ඉක්ම වූ බව සඳහන්.
වික්ටෝරියා ප්‍රාන්තයේ ගිනිකොණදිග ප්‍රදේශයෙන් මෙම ලැව් ගිනි ආරම්භ වූයේ අකුණුසැර මගින්.
මේ වන විට ලැව් ගිනි නිසා එහි අක්කර 14,800ක් පමණ විනාශ වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.