Gossips

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර මධ්‍යයේ තියුණු ආයුධයකින් පහර දී අයෙක් මරුට

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර මධ්‍යයේ ජනාකීර්ණ වීථියකදී අද කිසියම් පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයන් 3 දෙනෙකුට තුවාල සිදුකර ඇති අතර, ඉන් එක් අයෙකු පසුව ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
මාර්ගයේ වාහනයක් ගිනි ගනිමින් තිබූ අතර, ඊට ප්‍රතිචාර දක්වමින් පැමිණි පොලිස් නිලධාරීන්ට මොහු පහරදීමට උත්සාහ කළ බව සඳහන්.
පොලීසිය සිදුකළ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා බරපතල තුවාල ලබා රෝහල් ගත කරනු ලැබුවා.
කෙසේ නමුත් මෙම සිද්ධිය ත්‍රස්තවාදයට සම්බන්ධ දැයි මෙතෙක් තහවුරු වී නැතැයි වික්ටෝරියා ප්‍රාන්ත පොලීසිය සඳහන් කළා.