Gossips

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ලැව්ගිනි

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ හටගෙන ඇති ලැව්ගිනි හේතුවෙන් මේ වනවිට හෙක්ටයාර 1000 කට අධික භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
ටත්‍රා ප්‍රදේශයේ නිවාස සහ ගොඩනැගිලි 70 කට අධික ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවද සඳහන්.
ඒ අවට ජනතාව ඉවත් කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර ඇති අතර, ජීවිත හානි කිසිවක් මෙතෙක් වාර්තාවී නැහැ.
මේ දිනවල නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පවතින උෂ්ණාධික කාලගුණය ලැව් ගිනි හටගැනීමට හේතුවී තිබෙනවා.
මේ දිනවල එම ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 38 ක් පමණ වන බවටයි වාර්තාවන්නේ.