Gossips

ඕස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අගමැති ඉල්ලා අස්වෙයි

ඕස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අගමැති බානබි ජොයිස් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ ඔහුට විරුද්ධව විනයවිරෝධි ලෙස හැසිරීමේ චෝදනා එල්ලවීමත් සමඟයි.
නියෝජ්‍ය අගමැතිවරයා කාර්යමණ්ඩලයේ හිටපු සාමාජිකාවක් සමඟ ලිංගික එක්වී ඇති බවට තහවුරු වීමත් සමඟ මීට පෙර ඔහු තාවකාලික නිවාඩු ගෙන තිබුනා.
ඔහු ආචාරධර්මවලට පිටුපාමින් මෙලෙස ලිංගිකව එක්ව ඇති බවට වාර්තා වන්නේ ඔහුගේ හිටපු මාධ්‍ය උපදේශිකාව විකී චැම්පියන් සමඟයි.
මේ අතර අදාළ සිදුවීමෙන් අනතුරුව විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඕස්ට්‍රේලියාවේ අගමැති මැල්කම් ටර්න්බුල් විසින් සිය ඇමතිවරුන්ට කාර්යමණ්ඩලයේ සාමාජිකයන් සමඟ ලිංගිකව එක්වීම තහනම් කරනු ලැබුවා.
මෙලෙස හිටපු නිලධාරිනියක් සමඟ ලිංගිකව එක්වූ බවට අනාවරණ වූ බවට චෝදනා එල්ලවන එරට නියෝජ්‍ය අගමැතිවන බානබි ජොයිස්ගේ ක්‍රියාව අගමැති විසින් දැඩිලෙස හෙලාදැක තිබෙනවා.
අදාළ නියෝජ්‍ය අගමැතිවරයා විසින් අමාත්‍යවරුන් සම්බන්ධයෙන් පවතින ආචාරධර්ම උල්ලංඝනය කර ඇත්දැයි යන්නතහවුරු කිරීම සඳහා විශේෂ විමර්ශනයක් ද ආරම්භ කෙරුනා.
මේ අතර එහිදී අගමැතිවරයා සඳහන් කර ඇත්තේ අමාත්‍යවරුන්ට විශේෂ ආචාරධර්ම පද්ධතියක් හඳුන්වා දෙන බවයි.
මෙලෙස නියෝජ්‍ය අගමැති විසින් ලිංගිකව එක්ව ඇතිබවට අනාවරණ වීමත් සමඟ එරට දේශපාලනයේ විශේෂ අවධානයකට ලක්ව තිබෙනවා.