Gossips

ඕස්ට්‍රේලියාවේ ජනගහනය මිලියන 25 දක්වා ඉහළට

ඕස්ට්‍රේලියාවේ ජනගහනය මිලියන 25 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එරට රජය විසින් සිදුකළ සංගණනයකින් අනතුරුවයි මේ බව අනාවරණ වී ඇත්තේ.
සංක්‍රමණිකයින් ඕස්ට්‍රේලියාවට පැමිණීම මීට හේතු වී ඇති බව එරට රජය ප්‍රකාශ කර තිබෙනවා.
ඉන්දියාව, චීනය, බ්‍රිතාන්‍යය, පිලිපීනය සහ දකුණු අප්‍රිකාව යන රටවලින් මෙලෙස සංක්‍රමණිකයින් වැඩි වශයෙන් පැමිණ ඇති බවද විදෙස් වාර්තා සඳහන් කළා.